අවි ආයුධ යළි රජයට භාර ගැනීම තුළින් ජීවිත තර්ජන මතුව ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් මහතා පවසනවා.
අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ අවි ආයුධ යළි රජයට භාරගත යුත්තේ නිසි ඇගයීමකින් බවයි.
අවි ආයුධ යළි ආරක්ෂක අමාත්‍යංශයට භාර ගැනීම සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා ද අදහස් පල කළා.