Tuesday, November 26, 2024

General line - 0115112241

ඉතිහාසය අලුත් කරමින් CID අධ්‍යක්ෂක ධුරයට පොලිස් නිලධාරිනියකගේ නමක් යෝජනා වෙයි 




මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනෙවිරත්න මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ඇතුළු අදාළ ආයතන ප්‍රතිසංවිධානය කිරීම මේ වනවිට අරඹා තිබෙනවා.

ඒ අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරය සඳහා ජේෂ්ඨ පොලිස් අධිකාරී ඉමේෂා මුතුමාලගේ මහත්මිය පත්කිරීමටයි යෝජනා වී ඇත්තේ.

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ එම තනතුරට පත්වන පළමු කාන්තාව ලෙස ඇය ඉතිහාස ගත වනවා.

පොලිස් ඉති­හා­සයේ ප්‍රථම ආධු­නික කාන්තා සහ­කාර පොලිස් අධි­කා­රී­ව­රි­යන් තිදෙනා අත­ර සිටින ඇය ආධු­නික සහ­කාර පොලිස් අධි­කා­රී­ව­රි­යක් ලෙස පොලිස් සේව­යට එක්වනවා.

ඒ  2007 වසරේ නොවැ­ම්බර් 03 වනදායි..

ජේෂ්ඨ පොලිස් අධිකාරී ඉමේෂා මුතුමාලගේ මහත්මිය රුහුණු විශ්ව­වි­ද්‍යා­ල­යෙන් විද්‍යා­වේදී උපා­ධිය (BSc) සහ විවෘත විශ්ව­වි­ද්‍යා­ල­යෙන් නීති­වේදී (LLB) උපා­ධිය ලබා තිබෙනවා. 

පොලිස් සේව­යට එක්වී­මෙන් අන­තු­රුව නුගේ­ගොඩ පොලිස් කොට්ඨා­සයේ සහ­කාර පොලිස් අධි­කා­රී­ව­රි­යක් ලෙස සේවයේ නිර­තව සිට ඇති ඉමේෂා මුතු­මාල, පොලිස් නිෂ්කා­ශන අංශ­යේත් කලක් සේවය කර තිබෙනවා.. 

මිට පෙරද ඇය අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ පරි­ග­ණක අප­රාධ විම­ර්ශන අංශ අධී­ක්ෂණ නිල­ධා­රි­නිය ලෙසද කටයුතු කළා.

ඉන් අනතුරුව 2021 වසරේ ජූනි මාස­යේ­දී ඇයව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නියෝජ්‍ය අධ්‍ය­ක්ෂ­ව­රිය ලෙස පත්කර තිබෙනවා.