Tuesday, November 26, 2024

General line - 0115112241

මැතිවරණ කොමිසම ගත් තීරණයකට ශ්‍රිලනිපය විසඳුමක් සොයා ගනී




ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉදිරි මහමැතිවරණයට තරග කිරීමට අවස්ථාව හිමි නොවීම ගැටලුවක් නොවන බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති හිටපු අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

සිය කණ්ඩායම ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වන්නේ සන්ධානගතව බවයි හිටපු අමාත්‍යවරයා නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී කියා සිටියේ.

ඒ අනුව ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග කරන බව හිටපු අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් පැවසුවා.

දේශපාලන පක්ෂ 05ක් සඳහා ඉදිරි මහමැතිවරණයට තරඟ කිරීමට අවසර ලබා නොදීමට තීරණය කළ බව මැතිවරණ කොමිෂන් සභාව මීට පෙර ප්‍රකාශ කළා.

අදාළ පක්ෂවල ලේකම්වරුන්ගේ පවතින ගැටලු හේතුවෙන් එවැනි තීරණයක් ගත් බවයි  මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ.