Tuesday, November 26, 2024

General line - 0115112241

දූෂිතයින්ට දොර වසන බව සජබය කියයි




දූෂණ චෝදනා සිද්ධීන්වලට සම්බන්ධ පුද්ගලයින්ට මහ මැතිවරණයට තරග කිරීම සඳහා සිය පක්ෂයෙන් නාම යෝජනා ලබා නොදෙන බව සමගි ජන බලවේගය පවසනවා.

එහි ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසුවේ නාම යෝජනා ලැයිස්තුවලට ඇතුළත්වන පුද්ගලයින් කිසිවෙකුට හෝ දූෂණ චෝදනා ඇත්නම් ඔවුන් ඉන් ඉවත් කරන බවයි.


කෙසේවෙතත් එවැනි පුද්ගලයින්ට ඡන්දය ලබා නොදීමට ඡන්ද දායකයන්ට ද වගකීමක් ඇති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායකය මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.