Tuesday, October 22, 2024

General line - 0115112241

උපුල් තරංග ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගන්න අධිකරණයෙන් නියෝග 




ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතලේ මහාධිකරණය අද වරෙන්තු නිකුත් කර තිබෙනවා.

ඒ තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සඳහා අධිකරණයේ පෙනී නොසිටිම හේතුවෙන් 

මෙම වසරේ මාර්තු මාසයේ පල්ලෙකැලේ ක්‍රිඩාංගණයේදී නිමාවට පත් වූ “‍ලෙජන්ඩ් ට්‍රෝෆි 2024”‍ ක්‍රිකට් තරගාවලියේ මුදලට තරග පාවාදීම සඳහා බලපෑම් කළ බවට ඔහු විසින් කළ පැමිණිල්ලකට අනුව ගොනුකෙරුණු නඩුව මහාධිකරණ විනිසුරුවරයා ඉදිරියේ අද කැඳවා තිබුනා 

උපුල් තරංග ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට පැමිණිලි කර තිබුණේ, එම තරගාවලියට සහභාගි වූ කැන්ඩි සෑම් ආම් කණ්ඩායමේ හිමිකරු වූ ඉන්දීය ජාතික යෝගී පටෙල් නමැත්තා විසින් තමන්ට තරඟ පාවා දීමේ යෝජනාව සිදුකළ බවටයි.

ඔහුගෙන් අද හරස් ප්‍රශ්න ඇසීමට නියමිතව තිබුණ අතර තේරීම් කමිටු සභාපති උපුල් තරංග අධිකරණයට නොදන්වා අමෙරිකානු නැෂනල් ලීග් ක්‍රිකට් තරඟාවලියට සහභාගි වීම සඳහා විදෙස් ගතවී ඇති බවයි, අධිකරණයේදී හෙළි වුණේ.

මේ හේතුවෙන් මාතලේ මහාධිකරණ විනිසුරුවරයා විසින්  උපුල් තරංග ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස  නියෝග කර ඇත්තේ.