Tuesday, November 26, 2024

General line - 0115112241

මිනිසුන් වෙනස් වීම නිසා දේශපාලනය වෙනස් වූ හැටි




ඇතැම් දේශපාලන පක්ෂවලට අපේක්‍ෂකයින් තෝරා ගැනීමට නොහැකි තරම් ජනතාවගේ මැදිහත් වීම ප්‍රබල වී ඇතැයි තරුණ ක්‍රියාකාරිණි නාමිනී පණ්ඩිත මහත්මිය පවසනවා.

ඇය සඳහන් කළේ ජනතාවට මෙන්ම රටටද වැදගත් අපේක්‍ෂකයින් මැතිවරණයට ඉදිරිපත් කිරීම සඳහා සෑම දේශපාලන පක්ෂයකටම අභියෝගයක් එල්ල වී ඇති බවයි.

වෙළඳ සන්නාම විශේෂඥයෙකු හා අලෙවි උපදේශකවරයෙකු වන විකසිත වීරසිංහ මහතා සඳහන් කළේ ඉදිරි මහමැතිවරණයේදී වැඩි පිරිසක් ඡන්දය භාවිත කිරීම රටට වඩාත් හිතකර වනු ඇති බවයි. 

මෙම අදහස් පළ කෙරුණේ ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනේදීයි.