Tuesday, November 26, 2024

General line - 0115112241

කෝටියක නීති විරෝධී භාණ්ඩ සමග ගුවන් මගියෙකු අත්අඩංගුවට




භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත්ල කටුනායක ගුවන් තොටුපොළ රේගුවට ප්‍රකාශ නොකරල හරිත මාවත‍ ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටව යාමට තැත් කළ ගුවන් මගියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒල ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදීයිග සැකකරු විසින් රැගෙන පැමිණි ගමන් මලු‍ 04ක් තුළ ස්මාර්ට් ජංගම දුරකථන 152ක්, ටැබ් පරිගණක 05ක්, විවිධ වර්ගයේ විස්කි බෝතල් 38ක්, විද්‍යුත් දුම්වැටි 44ක් සහ දුම්වැටි තොගයක් රේගු නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙනවා. 

එම භාණ්ඩවල වටිනාකම රුපියල් කෝටියක් පමණ වන බවයි රේගු නිලධාරීන් පවසන්නේ. 

අත්අඩංගුවට ගත් පුද්ගලයා 44 හැවිරිදි වියේ පසුවන මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. 

ඔහු ගුවන් මගින් භාණ්ඩ ගෙනැවිත් අලෙවි කිරීමේ නිරත වන ව්‍යාපාරිකයෙක් බවටද අනාවරණ වී තිබෙනවා.               

සිද්ධියට අදාළව රේගු නිලධාරීන් පිරිසක් විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරන බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

ටී කේ ජී කපිල