Tuesday, October 22, 2024

General line - 0115112241

පන්දුවාර විස්ස කාන්තා ලෝක කුසලාන සිහිනය බොඳවීම ගැන චමරි කතා කරයි




පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරඟය අද පැවැත්වෙනවා.

ඒ, පස්වරු 03යි 30ට ඩුබායිහිදීයි. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම සමග නවසීලන්ත කණ්ඩායම තරඟ වදිනවා. 

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙම තරඟයට එක්වන්නේ ලෝක කුසලාන සිහිනය බොඳවූ පසුබිමක් තුළයි.

ඒ, මීට පෙර පැවති තරඟ 03ම පරාජයට පත් වීම හේතුවෙන්. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම  මෙම තරඟාවලියේදී අසාර්ථක වීම සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් කණ්ඩායම් නායිකා චමරි අතපත්තුගෙන් විමසීමක් කළා.