Tuesday, October 22, 2024

General line - 0115112241

ඉන්දීය කණ්ඩායමෙන් විස්සයි විස්ස ක්‍රිකට් වාර්තාවක්




සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවති දෙවන විස්සයි විස්ස තරගයෙන් ලකුණු 133ක ජයක් හිමිකර ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.

තරගය ඉන්දියාවේ හයිද්‍රාබාද්හි රජීව් ගාන්ධි ක්‍රීඩාංගනයේදී පැවැත් වුණා.

එම තරගයේදී අයි සී සී පූර්ණ සාමාජිකත්වය හිමිකර ගත් රටක් ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයකදී රැස්කළ ඉදළම ලකුණු සංඛ්‍යාව තමන් සතුකර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වී වුණා.

ඒ, නියමිත පන්දුවාර විස්ස තුළදී ලකුණු 297ක් රැස්කර ගනිමින්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස තුළදී කඩුලු 06ක් පමණක් දැවී ලකුණු 297ක් රැස් කළා.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් සංජු සැම්සන් පන්දු 47ක් තුළ හතරේ පහරවල් 11ක් සහ හයේ පහරවල් 8ක් සමඟින් වේගවත් ලකුණු 111ක් ලබාගත් අතර නායක සූර්ය කුමාර යාදෙව් පන්දු 35ක් තුළදී ලකුණු 75ක් රැස් කළා.

ලකුණු 298ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ කණ්ඩායමට සිය නියමිත පන්දුවාර විස්ස අවසානයේදී සියලු දෙනා දැවී ලබාගත හැකි වුණේ ලකුණු 164ක් පමණයි.