Wednesday, October 16, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා - කොදෙව් පළමු විස්සයි විස්ස තරඟය අද - ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක්.

කැකිරාව කුෂාන් ජයවර්ධන




සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත පළමු විස්සයි විස්ස තරගය අද රාත්‍රී 07.00ට රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී ආරම්භ වනවා.

ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත අසලංක අද තරගයට ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇති සූදානම පිළිබඳ මෙලෙස අදහස් පළ කළා.

        
භානුක රාජපක්ෂ සහ ජෙෆ්රි වැන්ඩසේ විස්සයි විස්ස සංචිතයට යළි කැඳවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංකගෙන් ප්‍රශ්න කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර මේ දක්වා විස්සයි විස්ස තරග 15ක් පවත්වා තිබෙන අතර ඉන් තරග 08ක ජය ශ්‍රී ලංකා කණ්ඩායම හිමිකර ගනිද්දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තරග 07ක ජය හිමිකරගෙන තිබෙනවා.

කෙසේවෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව විස්සයි විස්ස තරගාවලියක ජය හිමිකරගෙන නැහැ.