Wednesday, October 16, 2024

General line - 0115112241

කොදෙවුවන්ට එරෙහි දෙවන විස්සයි විස්ස තරඟාවලියේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට 




සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමසමත් විය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහර දීමටයි 

දෙරට අතර පැවති පළමු විස්සයි විස්ස තරගය කඩුලු 5කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුනා.

අද තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුකර තිබෙනවා.

ඒ අනුව චමිදු වික්‍රමසිංහ සහ අසිත ප්‍රනාන්දු වෙනුවට අද තරගයට දුනිත් වෙල්ලගේ සහ වේගපන්දු ක්‍රීඩක නුවන් තුෂාර කණ්ඩායමට ඇතුළත් කර තිබෙනවා.