Wednesday, October 16, 2024

General line - 0115112241

කලින් ඡන්දය දෙන්න අමෙරිකාවේ වාර්තාගත උනන්දුවක්




අමෙරිකානු ජනාධිපතිවරණයේ පූර්ව ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු ආරම්භ වී තිබෙනවා.

ඒ, තීරණාත්මක ප්‍රාන්තයක් වන ජෝර්ජියාවෙන්.

පළමු දිනයේම ජෝර්ජියා ප්‍රාන්තයේ ඡන්ද විමසීමට වාර්තාගත ඡන්ද දායකයින් පිරිසක් සහභාගී වී තිබුණා.

එම සංඛ්‍යාව තුන් ලක්ෂ 28,000කට අධිකයි.

එය අමෙරිකානු ජනාධිපතිවරණ ඉතිහාසයේ ජෝර්ජියා ප්‍රාන්තයෙන් එක් දිනක් තුළ ඡන්දය ප්‍රකාශ කළ වැඩිම සංඛ්‍යාව වනවා.

මීට පෙර 2020 වසරේ වාර්තාගත පිරිසක් ඡන්දය ප්‍රකාශ කර තිබූ අතර එම සංඛ්‍යාව එක් ලක්ෂ 36,000ක්. 

ජෝර්ජියා ප්‍රාන්තය යනු 2020 ජනාධිපතිවරණයද අතිශය තීරණාත්මක ප්‍රාන්තයක් වුණා.

එහිදී ජෝ බයිඩ්න් හමුවේ ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජයට පත් වූයේ සියයට බින්දුවයි දශම තුනක ඡන්ද ප්‍රතිශතයකින්. 

අමෙරිකානු ජනාධිපතිවරණය නොවැම්බර් 05 වනදා පැවැත්වීමට නියමිතයි.