හිටපු ඉන්දීය අගමැති ආචාර්ය මන්මෝහන් සිං අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මිය යන විට ඔහු 92 හැවිරිදි වියේ පසුවුණා.
ආචාර්ය මන්මෝහන් සිං 2004 වර්ෂයේ සිට 2014 වර්ෂය දක්වා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ අතර ඊට පෙර මුදල් අමාත්‍යවරයා ලෙසද කටයුතු කර තිබෙනවා.
දීර්ඝතම කාලයක් ඉන්දීය අග්‍රාමාත්‍ය ධූරය හෙබවූ නායකයන් අතරින් ආචාර්ය මනමෝහන් සිංට සිව්වන ස්ථානය හිමි වනවා.
ප්‍රකට ආර්ථික විශේෂඥයෙක් වන ඔහු, ඉන්දීය ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රමුඛයෙක් ලෙසයි සැලකෙන්නේ.
මාස කිහිපයක් අසනීප තත්ත්වයෙන් පෙළුණු ඔහු දිල්ලි අගනුවර රෝහලකදී අභාවප්‍රාප්ත වූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
ඉන්දීය හිටපු අගමැති මන්මෝහන් සිංගේ අවමංගල්‍ය කටයුතු රාජ්‍ය ගොෟරව සහිතව සිදු කිරීමට ඉන්දීය රජය තීරණය කර ඇති අතර දින හතක ශෝක කාලයක් ද ප්‍රකාශයට පත් කරන බව ඉන්දීය රජය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසා ඇත්තේ කීර්තිමත් නායකයකුගේ වියෝව පිළිබඳව සමස්ත ඉන්දියාවම ශෝක වන බවයි.