Wednesday, October 16, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඔසප් සෞඛ්‍යය පිළිබඳ APP එකක්




ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ කාන්තා සනීපාරක්ෂක සන්නාමය වන Fems විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ත්‍රෛභාෂික ඔසප් සෞඛ්‍යය සම්බන්ධ ජංගම යෙදුමක් හඳුන්වා දී තිබෙනවා.

මෙම යෙදුම මගින් කාන්තාවන්ට ඔසප් වීම් සිදුවන දින පිළිබඳ දැනුවත් වීමට අමතරව ඔසප් සෞඛ්‍යය පිළිබඳ යාවත්කාලීන තොරතුරු ඉගෙන ගැනීටමත් උපකාරී වනවා.

එමෙන්ම ඔසප් සෞඛ්‍ය සම්බන්ධව සෞඛ්‍ය උපදෙස් විශ්වසනීය ලෙස පෞද්ගලිකව ලබා ගැනීමටද මෙමගින් අවස්ථාව ලැබෙන බවයි හේමාස් කන්සියුමර් ආයතනයේ ෆෙම්ස් වෙළඳ සන්නාම අලෙවි කළමනාකාරිණී හෂිනි ගමගේ මහත්මිය පැවසුවේ.