Friday, October 18, 2024

General line - 0115112241

ඉරාන හිතවාදී යේමනයට අමෙරිකාවෙන් ප්‍රබල ප්‍රහාරයක්




අමෙරිකාව විසින් යේමනයට පෙර නොවූ විරූ ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

අමෙරිකානු ඉතිහාසයේ පළමුවරට ‘ඊ-ටූ ස්ටෙල්ත්’ ලෙසින් හඳුන්වන ප්‍රබල බෝම්බ හෙළන, මිල අධික ආයුධ පද්ධතියක් භාවිත කරමින්.

ප්‍රහාරය එල්ල කර ඇත්තේ යේමනයේ හූති සටන්කරුවන්ට එරෙහිවයි. ඔවුන්ගේ භූගත අවි ගබඩා පහක් ප්‍රහාරයට ඉලක්කය වී තිබුණා.

මැද පෙරදිග කලාපයේ යුද උණුසුම ඉහළ යාමෙන් පසු ඉරානයේ පිටුබලය ලබන හූති සටන්කරුවන්ට පහර දීමට අමෙරිකාව බෝම්බ හෙලූ ප්‍රථම අවස්ථාව මෙයයි.

අමෙරිකානු ඩොලර් බිලියන 2ක් පමණ වන මෙම බෝම්බ හෙලන යානා අමෙරිකානු ගුවන් හමුදාවටම ඇත්තේ 19 ක් පමණයි. 

අමෙරිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් පවසන්නේ මෙම ප්‍රහාරයෙන් පොළව යට කොතරම් ගැඹුරට වළලනු ලැබුවද, දැඩි හෝ ශක්තිමත් කර තිබුණද, ඒවා ඉලක්ක කිරීමට හැකි බවයි. අමෙරිකානු ඊ-ටූ බෝම්බ හෙලන යානයක් විසින් මීට පෙර අවසන් වරට ප්‍රහාරයක් එල්ල කර තිබුණේ 2017 ජනවාරි මාසයේදීයි.