Friday, November 22, 2024

General line - 0115112241

ඉරානයට එල්ල කළ ගුවන් ප්‍රති ප්‍රහාරය සාර්ථකයි




ඉරානයට එල්ල කළ ප්‍රති ප්‍රහාරය සාර්ථකව අවසන් බව ඊශ්‍රායල හමුදාවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශක ඩැනියෙල් හැගාරි පවසනවා.

සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින්  ඩැනියෙල් හැගාරි පවසා සිටියේ ප්‍රහාරය සඳහා ගුවන් ගත වූ ගුවන් යානා සියල්ල ආරක්ෂිතව නැවත හමුදා කඳවුරු වෙත පැමිණි බවයි.

තවද ප්‍රතිප්‍රහාරය සාර්ථකව අවසන් කළ බවත් ඉන් බලාපොරොත්තු වූ අරමුණු සියල්ල ඉෂ්ඨ කර කර ගැනීමට සමත් වූ බවත් හැගාරී සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් පවසා තිබෙනවා.

ඊශ්‍රායල එෆ්-35 ප්‍රහාරක යානා ප්‍රථම වතාවට ඉරානයේ ගුවන් සීමාවට ඇතුළු වී   ටෙහෙරාන් ප්‍රදේශයේ ඉලක්ක වෙත බෝම්බ හෙලා තිබෙනවා 

තවද Ilam, Khuzestan සහ අවට පළාත් වලට දිගු දුර මිසයිල කිහිපයක් දියත් කිරීමට ඊශ්‍රායල ගුවන් යානා සමත් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම ප්‍රහාරය ඔක්තෝබර් 1 මිසයිල ප්‍රහාරයට පළිගැනීමක් ලෙස ඊශ්‍රායලය ඊයේ අලුයම ගුවන් ප්‍රහාර දියත් කල බවයි 
ඩැනියෙල් හැගාරි පවසා සිටියේ 

ප්‍රහාරයේදී ටෙහෙරාන් අගනුවර හමුදා කඳවුරු වෙත ඉලක්ක ගතව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රහාර එල්ල කළ අතර ඉන් ස්ථාන හතක පමණ පිපිරීම් සිදුවූ බවද ඔහු සඳහන් කර සිටියේ.

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සෙනසුරාදා කියා සිටියේ ඊශ්‍රායලය ඉරානයට එල්ල කළ ප්‍රහාරයේදී මිලිටරි ඉලක්ක වෙත පමණක් පහර දී ඇති බව පෙනෙන බවත්, ඒවා "අවසානය" වනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවයි.