Friday, November 22, 2024

General line - 0115112241

ජෝර්ජියා මහ මැතිවරණයෙන් ජෝර්ජියන් ඩ්‍රීම් පක්ෂයට දැවැන්ත ජයක් 




ජෝර්ජියා මහ මැතිවරණයෙන් සියයට 54ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගත් ජෝර්ජියන් ඩ්‍රීම් පක්ෂය ජයග්‍රහණය කර තිබෙනවා.

ඒ අනුව මන්ත්‍රීවරුන් 150 කින් යුත් පාර්ලිමේන්තුවේ ආසන 90ක් හිමි කර ගැනීමට සමත් වී තිබෙනවා.

මෙම මැතිවරණ ප්‍රතිඵල පිළිනොගන්නා බවත්  ඒ අනුව රජයට විරෝධය පළකරමින් විරෝධතා ආරම්භ කරන ලෙස ඔවුන් තම පාක්ෂිකයින්ගෙන් එරට විපක්ෂය  ඉල්ලා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 
 
මේ සම්බන්ධයෙන් ජෝර්ජියානු මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමක් වන ISFED පැවසුවේ එහි නිරීක්ෂකයින් මැතිවරණ බලධාරීන්ට පැමිණිලි 200 කට අධික සංඛ්‍යාවක් ගොනු කර ඇති නමුත්, ඡන්ද ගණන් කිරීමේදී සැලකිය යුතු උල්ලංඝනයන් දැක නැති බවත්, ඒවායින් බොහොමයක් විද්‍යුත් ක්‍රමයෙන් ගණනය කළ බවයි 

නමුත් ජෝර්ජියාවේ ප්‍රධාන විරුද්ධ පක්ෂ හතරක් කියා සිටියේ තමන් ප්‍රතිඵල පිළි නොගන්නා බවත්,   "ව්‍යවස්ථාමය කුමන්ත්‍රණයක්" ලෙස හඳුන්වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ජෝර්ජියන් ඩ්‍රීම් පක්ෂය රුසියාවට පක්ෂපාති පාලක පක්ෂයක් වනවා.

ජෝර්ජියාව බටහිර කඳවුරට පක්ෂපාතීත්වය දක්වන්නේ ද එසේත් නැතිනම් රුසියාවට පක්ෂපාතීත්වය දක්වන්නේ ද යන්න නිරූපණය කරන මැතිවරණයක් ලෙසයි විශ්ලේෂකයින් මෙම මැතිවරණය හඳුන්වන්නේ.

යුරෝපා සංගමය ජෝර්ජියාවේ විපක්ෂයට මැතිවරණයේ දී සහාය දැක්වුවද රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඉදිරියේ ඔවුන් පරාජයට පත්වූ බවයි දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

එමෙන්ම 1991 වසරේ දී සෝවියට් සමූහාණ්ඩුවෙන් නිදහස ලැබීමෙන් පසු ජෝර්ජියාවේ පැවති වැදගත්ම මැතිවරණයක් ලෙස ද මෙවර මහ මැතිවරණය හැදින්වෙනවා.