Friday, November 22, 2024

General line - 0115112241

සංක්‍රමණික කප්පාදුවකට කැනඩාව සැරසෙයි 




සංක්‍රමණිකයන්ගේ පැමිණීම කප්පාදු කිරීමට කැනඩා රජය තීරණය කරය තිබෙනවා 

කැනේඩියා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝගේ රජයේ නව සංක්‍රමණික ප්‍රතිපත්ති හඳුන්වාදෙමින් එරටට පැමිණෙන සංක්‍රමණිකයින්ගේ සංඛ්‍යාව කප්පාදු කිරීම මෙලෙස සිදු කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 

ඒ අනුව, 2025 වසරේදී ලක්ෂ 5ක පිරිසකට කැනඩාවේ ස්ථිර පදිංචියට දී තිබූ අවසරය 395,000ක් දක්වා අඩු කිරීමට පියවර ගෙන තිබෙන අතර ජාත්‍යන්තර සිසුන් සහ තාවකාලික විදේශ ශ්‍රමිකයින් යන දෙඅංශයෙන්ම මෙම කප්පාදුවන සිදු කිරීමට නියමිතයි.

මේ පිළිබඳව කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ මාධ්‍ය වෙත අදහස් පල කරමින් සඳහන් කර ඇත්තේ ජනගහන වර්ධන ඉලක්ක ඉදිරි වසර දෙක තුළ අභිබවා යාම හේතුවෙන් එහි සමතුලිතතාව පවත්වාගෙන යාමට නොහැකි වු බවයි