Friday, November 22, 2024

General line - 0115112241

සියවසේ පෙරළිකාරම ටෙස්ට් ජයග්‍රහණ අතර ශ්‍රී ලංකාවත්




21වන සියවසේ වාර්තා වූ සුපිරිම පෙරළිකාර ටෙස්ට් ක්‍රිකට් ජයග්‍රහණ 10 අතරට ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ ජයග්‍රහණ දෙකක් ඇතුළත් වී තිබෙනවා.

ඒ අතර තුන් වන ස්ථානයට නම් කර ඇත්තේ ශ්‍රී ලංකාව 2018 - 2019 සමයේ දකුණු අප්‍රිකාවේදී දකුණු අප්‍රිකාවට එරෙහිව දෙකට බින්දුවක් ලෙස ලැබූ පෙරළිකාර තරඟාවලි ජයග්‍රහණයයි.

එහිදී කුසල් ජනිත් පෙරේරා නොදැවී රැස් කළ ලකුණු 153ක ඉනිම ලෝක ටෙස්ට් ඉතිහාසයේ විශිෂ්ටතම ටෙස්ට් ඉනිම් අතරටද ඇතුළත් වුණා.

21වන සියවසේ පෙරළිකාර ටෙස්ට් ජයග්‍රහණ ලැයිස්තුවේ 08වන ස්ථානයට නම් කර ඇත්තේ ශ්‍රී ලංකාව 2004 වසරේදී එංගලන්තයේදී එංගලන්තයට එරෙහිව ලැබූ විශිෂ්ට ජයග්‍රහණයයි. 

21වන සියවසේ වාර්තා වූ සුපිරිම පෙරළිකාර ටෙස්ට් ක්‍රිකට් ජයග්‍රහණ 11ක් තෝරා පත්කරගෙන මෙම මත විමසුම සිදු කරන්නේ ලෝකප්‍රකට ක්‍රිකට් වෙබ් අඩවියක් වන ක්‍රික් ඉන්ෆො වෙබ් අඩවියයි.

පාඨකයින්ගේ ඡන්දය මත මෙම ජයග්‍රහණ අතරින් හොඳම ජයග්‍රහණය තෝරා පත් කර ගනු ඇති.

මේ වන විට එහි පෙරමුණේ පසුවන්නේ ඉකුත් දා ඉන්දියාවේදීම ඉන්දියාව පරදා නවසීලන්තය දෙකට බින්දුවක් ලෙස ලැබූ ජයග්‍රහණයයි.