Sunday, November 24, 2024

General line - 0115112241

විහාරස්ථාන 2,260 කින් 2,200 ක්ම ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීමට විහාරාධිපතිවරුන්ගේ කැමැත්ත හිමිවෙයි




මෙවර මහ මැතිවරණයේදී ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීමට දිවයින පුරා පිහිටි විහාරස්ථාන 2,203 ක විහාරාධිපති හිමිවරුන් කැමැත්ත ප්‍රකාශක කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ කඨින පින්කදම් සහ වෙනත් හේතූන් මත විහාරස්ථාන 60 ක් ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීමට නොහැකි වී ඇති බවයි. 


නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු මෙම මස 07 වනදායින් අවසන් කිරීමට නියමිත බවද මැතිවරණ කොමිසමේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා එහිදී පැවසුවා.