Sunday, November 24, 2024

General line - 0115112241

ලබන වසරේ පාසල් නිල ඇඳුම් රෙදි චීනයෙන්




2025 වර්ෂය සඳහා සියලු‍ම පාසල් හා පිරිවෙන් සිසුන්ට නිල ඇඳුම් රෙදි චීනයෙන් ලබා ගැනීමට තීරණය කර තිබෙනවා.

2025 වර්ෂය සඳහා අවශ්‍ය පාසල් නිල ඇඳුම් රෙදි මුළු අවශ්‍යතාව රෙදි මීටර මිලියන 11යි දශම 82ක්.

එම නිල ඇඳුම් රෙදි තොගය ලබා දීමට චීන රජය එකඟතාව පළ කර තිබෙනවා.

එම  චීන රජයේ ප්‍රදානය භාර ගැනීම පිණිස අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය හිමි වූ බවයි අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ.