Thursday, October 31, 2024

General line - 0115112241

ජනපති හා අපනයනකරුවන් අතර විශේෂ සාකච්ඡාවක්




ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අපනයන සංවර්ධන මණ්ඩලයේ ජ්‍යේෂ්ඨ නිලධාරින් සහ අපනයනකරුවන් සමග සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඒ, ජනාධිපති කාර්යාලයේදීයි.

රට තුළ ආර්ථික ස්වාධිපත්‍යයක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බවත්, ඒ වෙනුවෙන් මෙරට අපනයනකරුවන්ගේ පූර්ණ සහාය අපේක්ෂා කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී පවසා තිබෙනවා.

අපනයන වෙළෙඳ පහසුකම් සැලසීමට අනෙකුත් රාජ්‍ය ආයතන සහ ශ්‍රී ලංකා රේගුව ඒකාබද්ධ කර ගනිමින් තනි සේවා කවුළුවක් නිර්මාණය කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා අපනයනවලට සම්බන්ධ රජයේ ආයතනවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීම හා  ඩිජිටල්කරණයේ වැදගත්කම පිළිබඳව ද කරුණු පැහැදිලි කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.