පසුගිය ජනාධිපතිවරණයේදී ඇමරිකානු ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ මණ්ඩලික ප්‍රධානියා නම් කර තිබෙනවා.
ඒ ඔහුගේ 2024 ජනාධිපතිවරණ ව්‍යාපාරය සඳහා සහය පල කල මැතිවරණ ප්රචාරක කළමනාකරු සුසී වයිල්ස් බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
67 හැවිරිදි සුසී වයිල්ස් ධවල මන්දිරයේ මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කරන පළමු කාන්තාව වනු ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ජනාධිපතිවරයාගේ වේලාව සහ කාලසටහන සංවිධානය කිරීම, අනෙකුත් රජයේ දෙපාර්තමේන්තු සහ නීති සම්පාදකයින් සමඟ සම්බන්ධතා පැවැත්වීම ඇයගේ රාජකාරිය වනු ඇති.