Friday, December 27, 2024

General line - 0115112241

රටට අහිතකර ගිවිසුම් යළි සමාලෝචනය කරන බව ජනපති අවධාරණය කරයි




විවිධ සමාගම් සමඟ ඇති කරගෙන ඇති රටට අහිතකර ගිවිසුම් යළි සමාලෝචනය කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

වවුනියාව ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් ජනාධිපතිවරයා අවධාරණය කළේ ඇතැම් සමාගම් සමඟ ගිවිසුම් ගතකර ඇති ඇතැම් ආයතන ලාබදායී මට්ටම ගෙන ඒමේ හැකියාවක් පවතින බවයි. 


ඇතැම් දේශපාලන නායකයින්ගේ බලය වෙනුවෙන් රටේ පුරවැසියන් කණ්ඩායම්වලට බෙදී ඇති බවද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ පක්ෂ භේදයකින් තොරව සියලුම ජනතාව ලාංකිකයන් ලෙස එක්ව කටයුතු කිරීමට තම රජය සමඟ එක්වන ලෙසයි.