චුන්නාකම් පොලිස් ස්ථානයේ නිලධාරින් 04 දෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.
මාර්ග රිය අනතුරකින් අනතුරුව පුද්ගලයෙකුට පහර දීමේ සිද්ධියකට අදාළව එම නිලධාරින්ගේ වැඩ තහනම් කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පැවසුවේ.
මේ අතර කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, කොළඹ - උතුර අපරාධ කොට්ඨාසය විසින්. මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සහ පොලිස් නිලධාරින් කිහිප දෙනෙකුගේ රාජකාරිවලට බාධා කිරීම යටතේ ඔහු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.
මේ අතර තලාව, ගිරානේගම පොලිස් ස්ථානයේ නිලධාරින් තිදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොලිස් සිර මැදිරියේ රඳවා සිටි පුද්ගලයින් කිහිප දෙනෙකුට සූදු ක්‍රීඩාවේ යෙදීමට අවස්ථාව ලබාදීමේ චෝදනාව යටතේයි.
කෙසේවෙතත් සැකකාර පොලිස් නිලධාරින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැරි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් පැවසුවේ.