Friday, December 27, 2024

General line - 0115112241

නිහඬ කාලයේ ප්‍රචාරණ කටයුතුවල නිරතවන පුද්ගලයන්ට නීතිය තදින්ම




ඉදිරි මහ මැතිවරණයට අදාලව නිහඬ කාලය මේ වන විට ක්‍රියාත්මකයි.      

ඒ, අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ලබන 14 වනදා මහ මැතිවරණය අවසන් වන තෙක් කිසිදු අපේක්ෂකයෙකුට, ආධාරකරුවෙකුට හෝ කිසිදු තැනැත්තෙකුට මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදු කිරීමට අවස්ථාව හිමි නොවන බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ.


නිහඬ කාලය තුළ ප්‍රචාරණ කටයුතු සිදුකරන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසුවා.


මහ මැතිවරණයට අදාළව ආරක්ෂක කටයුතු සඳහා පොලිස් නිලධාරින්   70,000 කට ආසන්න සංඛ්‍යාවක් යොදවන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවා.