ඉන්දියාවේ පැවති වයස අවුරුදු 18න් පහළ ආසියානු කනිෂ්ඨ ස්ක්රැබල් තරඟාවලියේ ශූරතාවය දිනා ගත් අදීශ දිසානායක අද යළි මෙරටට පැමිණියා.
මෙම තරඟාවලිය ඉකුත් 10 වන දින සිට 12 දින දක්වා ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැත්වුණා. ඒ, ආසියානු රටවල තරඟකරුවන් 48 දෙනෙකුගේ සහභාගීත්වයෙන්.
ස්ක්රැබල් යනු ඉංග්රීසි අකුරුවලින් වචන සෑදීමේ තරඟකාරී වැඩසටහනක් වනවා.
අදීශ දිසානායක මීට පෙර වයස අවුරුදු 16න් පහළ ස්ක්රැබල් ලෝක ශූරතා තරඟාවලි 02ක ශූරතාවය දිනා ගෙන ඇති අතර මෙවර වයස අවුරුදු 18න් පහළ කනිෂ්ඨ ස්ක්රැබල් ලෝක ශූරතා තරඟාවලියේදී 03 වන ස්ථානය දිනා ගැනීමට සමත් වුණා.