ඊශ්රායලයේ රැකියා සඳහා පිටත් වන ශ්රමිකයින්ගෙන් අයකරනු ලබන ගුවන් ටිකට්පත් ගාස්තුව අඩුකිරීමට පියවර ගෙන තිබෙනවා.
එරටට යන ශ්රමිකයින්ගෙන් ගුවන් ටිකට්පත් ගාස්තුව ලෙස අධික මුදලක් අයකරනු ලබන බවට ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයට මින් පෙර පැමිණිලි ලැබී තිබුණා.
ඒ අනුව මාසයකදී ගුවන් ටිකට්පත් 500කින් රුපියල් කෝටි හතරකට අධික ප්රමාණයක් වැඩිපුර අයකර ඇති බවයි අනාවරණ වී ඇත්තේ.
නවීන ක්රමවේදයන් අනුගමනය කරමින් ශ්රි ලංකන් එයාර් ලයින් ආයතනය මගින් ඍජුව ගුවන් ටිකට්පත් මිළදීගෙන එම මුදල අඩු කර ගැනීමට හැකිවූ බවයි විදේශ සේවා නියුක්ති කාර්යංශය වැඩිදුරටත් පැවසුවේ.