Saturday, November 23, 2024

General line - 0115112241

උදෑසනින්ම ඡන්ද පොළට එන්න - ජනතාවට විශේෂ දැනුම්දීමක්




මැතිවරණ නීති ආරක්‍ෂා කරමින් උදෑසනින්ම ගොස් ඡන්දය භාවිත කරන ලෙස මැතිවරණ කොමිසම ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

ඡන්දය භාවිත කිරීමට යාමේදී අනන්‍යතාව තහවුරු කරන පිළිගත් ලියවිල්ලක් අනිවාර්යෙන්ම රැගෙන යන ලෙසටයි දැනුම් දෙන්නේ.

ඡන්ද කාඩ්පතක් නොලැබුණද ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වී ඇත්නම් අනන්‍යතාව තහවුරු කරන පිළිගත් ලේඛනයක් තිබේනම් ඡන්දය භාවිත කළ හැකි බව මැතිවරණ කොමිසමේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා පැවසුවා.

ඡන්දය භාවිත කිරීමේදී ජනතාව වඩාත් සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද? 

මැතිවරණ නීති ආරක්‍ෂා කිරීම සියලු දෙනාගේ වගකීම බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. 

ඡන්ද මධ්‍යස්ථානය තුළ රැඳී සිටීමට අවසර ඇත්තේ කාටද?

මැතිවරණ දිනයේදී අරක්‍ෂක විධිවිධාන තර කර ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. 

ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසු සියලු දෙනාගේ අපේක්‍ෂාව වන්නේ මැතිවරණයේ ප්‍රතිඵලයි. ඡන්ද ගණන් කිරීමේ කටයුතු සවස 04යි 15වන විට ආරම්භ කරන බවයි මැතිවරණ කොමිසමේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා පැවසුවේ.

ජනාධිපතිවරණයේදී මෙන්ම සවිස්තරාත්මක විශ්ලේෂණ සහිතව මැතිවරණ ප්‍රතිඵල රාත්‍රියක අත්දැකීම ඔබට තිලිණ කිරීමට නෙත් එෆ් එම් මෙවරද සූදානම්. 

නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවෙන් සහ නෙත් එෆ් එම් ෆේස්බුක් පිටුව ඔස්සේ මෙම සුවිශේෂී අත්දැකීම විඳගැනීමට නෙත් අප ඔබට ආරාධනා කරනවා.