Friday, November 22, 2024

General line - 0115112241

නවසීලන්ත ශ්‍රී ලංකා පළමු එක්දින තරඟයේ ජය ශ්‍රී ලංකාවට




සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟ තුනකින් සමන්විත පළමු එක්දින තරඟය ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 45ක පහසු ජයක් හිමි වුණා. 

ඒ අනුව මෙම තරඟාවලියේ එකට බින්දුවක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණේ පසුවනවා.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49යි පන්දු දෙදක් තුළදී කඩුලු 05ක් පමණක් දැවී අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තරඟය නතර කරන විට ලකුණු 324ක් ලබාගෙන සිටියා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අනගි ඉනිමක් ක්‍රීඩා කළ අවිශ්ක ප්‍රනාන්දු සිය එක්දින දිවියේ සිව්වන ශතකය වාර්තා කළා.

කුසල් මෙන්ඩිස් ද සුපිරි ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 128ක් තුළදී හතරේ පහරවල් 17ක් සහ හයේ පහරවල් 02ක් සමගින් ලකුණු 143ක් රැස් කළ අතර ඔහු සිය එක්දින දිවියේ සිව්වන එක්දින ශතකය වාර්තා කිරීම විශේෂත්වයක්. නායක චරිත් අසලංක නොදැවී ලකුණු 40යි. 

රංගිරි දඹුලු ක්‍රීඩාංගණයට වර්ෂාව ඇදහැළීම හේතුවෙන් තරඟ තීරක මණ්ඩලය නවසීලන්ත කණ්ඩායමට ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව පන්දුවාර 27ක් තුළදී ලබා දුන් ජයග්‍රාහී ඉලක්කය ලකුණු 221ක්. 

ඒ අනුව පිටියට පැමිණි නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේදී කඩුලු 09ක් දැවී ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 175ක් පමණයි. 

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී දිල්ශාන් මධුශංක කඩුලු 03ක් බිඳ හෙලූ අතර මහීෂ් තීක්ෂණ සහ නායක චරිත් අසලංක කඩුලු 02 බැගින් බිඳ හෙළුවා.

දෙරට අතර දෙවන එක්දින තරඟය ලබන 17 වනදා පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.