Friday, November 22, 2024

General line - 0115112241

චීනයේ පිහි ඇණුමකින් අට දෙනෙකු ජීවිතක්ෂයට




නැගෙනහිර චීනයේ වුක්සි නගරයේ වෘත්තීය පුහුණු ආයතනයක සිදුවූ පිහි ඇනුමකින් පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් තිබෙනවා.

එමෙන්ම තවත් 17 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

වුක්සි නගරයේ වෘත්තීය කලා හා තාක්ෂණ ආයතනයේදී එම ප්‍රහාරය එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

සිද්ධියට සම්බන්ධ සැකකරු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු එම  වෘත්තීය පුහුණු ආයතනයේම අධ්‍යාපනය ලැබූ 21 හැවිරිදි ශිෂ්‍යයෙක්.

පොලීසිය පැවසුවේ ඔහු සිය විභාගවලින් අසමත් වී ඇති අතර උපාධිය ලබා ගැනීමට නොහැකි වීම සහ ඔහුගේ සීමාවාසික පුහුණුවෙදී ඔහුට ලබා දුන් වැටුප ගැන සෑහීමකට පත් නොවීම නිසා ඇති වූ කලකිරීම මත එම ප්‍රහාරය සිදු කර ඇති බවයි.

ඔහු තම අපරාධය පාපොච්චාරණය කළ බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ. 

මේ අතර මිට දින කිහිපයකට පෙර චීනයේ දකුණු දිග ෂුහායි නගරයේ ක්‍රීඩාංගනයකදී රියදුරෙකු විසින් මෝටර් රථයක් ක්‍රීඩාංගනයේ සිටි ජනතාව දෙසට ධාවනය කිරීමෙන් පුද්ගලයන් 35 දෙනෙකු මිය ගොස් තිබු බව විදෙස් මාධ්‍ය අනාවරණය කර තිබෙනවා.

ඒ අනුව මෙම පිහි ඇනුම් ප්‍රහාරය සතියක් තුළ මහජනතාව ඉලක්ක කර ගත දෙවන ප්‍රහාරය වෙනවා.