පවතින නීති ක්‍රමවේදය තුළ දූෂණ චෝදනා එල්ල වූ පුද්ගලයින්ට දඬුවම් ලබා දීමට නොහැකි නම් පාර්ලිමේන්තුව තුළ නව නීති සකස් කරමින් සියලුම චෝදනා එල්ල වූ පුද්ගලයින් සම්බන්ධයෙන් යළි පරීක්ෂණ ආරම්භ කරන බව ජාතික ජන බලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ මහතා පවසනවා.
අනුරාධපුරයේදී මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ විදෙස් රටවල සඟවා තිබෙනවා යැයි පැවසෙන මුදල් පවා ගෙන්වීමට නව වැඩපිළිවෙලක් සකස් කරන බවයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී දේශපාලන වශයෙන් යම් පසුබෑමකට ලක් වුවද යළිත් ඉදිරි දේශපාලන කටයුතු ආරම්භ කරන බව එහි ලේකම් සාගර කාරියවසම් මහතා පවසනවා.
විපක්ෂයේ සිට ගනිමින් පවතින ආණ්ඩුවට සම්පූර්ණ සහයෝගය ලබාදීමට බලාපොරොත්තු වන බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසනවා.
පවතින රජය විසින් ජනතාව පීඩාවට පත්වන ක්‍රියාවන් සිදු කරන්නේ නම්, එවැනි අවස්ථාවලදී ඒ වෙනුවෙන් පෙනී සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.