සිය ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව මහ මැතිවරණයෙන් පරාජයට පත් වූ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු පවසනවා.
නෙත් එෆ් එම් බැලුම්ගල කළ විමසීමකදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රමේෂ් පතිරණ මහතා පැවසුවේ ඉදිරි දේශපාලන කටයුතු සිදුකරනු ලබන්නේ කුමන පක්ෂයක් යටතේ දැයි ද මෙතෙක් තමන් තීරණය කර නොමැති බවයි.
හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් ද ඒ සම්බන්ධයෙන් විමසීමක් කළා.
කෙසේවෙතත් තමන් දේශපාලනයෙන් සමු නොගන්නා බවයි හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පැවසුවේ.