නීති විරෝධී ගිනි අවි සමඟ ප්‍රදේශ තුනකදී සැකකරුවන් තිදෙනෙකු පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අලවතුගොඩ පොලිසියේ නිලධාරින් විසින් විදේශ රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇතතේ දුණුවිල ප්රදේශයේදීයි.
එලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 70 හැවිරිදි අකුරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ පෙරියකුලම් ප්‍රදේශයේදී තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පූනෑව පොලිස් ස්ථානයේ නිලධාරින් සමත්ව තිබෙනවා.
මහව පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් ලද තොරතුරකට අනුව නෙත්තිපලගම ප්‍රදේශයේ සිදුකල වැටලීමකදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන්