Friday, November 22, 2024

General line - 0115112241

ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක ණයක්




ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ්‍රී ලංකාව සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 200 ක ප්‍රතිපත්ති පාදක ණයක් අනුමත කර තිබෙනවා. 

ඒ, ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශය ශක්තිමත් කිරීම සඳහායි.

බැංකු අංශයේ වත්කම්වල ගුණාත්මකභාවය ශක්තිමත් කිරීම සහ කාන්තාවන් හා අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වල මූල්‍ය ශක්තිය සහතික කිරීම ඒ අතරට ඇතුළත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

ආසියානු සංවර්ධන බැංකුව සඳහන් කළේ “සාර්ව ආර්ථික තත්ත්වයන් ස්ථාවර කිරීම සහ මූල්‍ය තත්ත්වය වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව හොඳ ප්‍රගතියක් ලබා ඇති බවයි. 

දිගුකාලීන වර්ධනයක් ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකාවට ආසියානු සංවර්ධන බැංකුව උපකාර කරන බවයි ශ්‍රී ලංකාව සඳහා වන එහි අධ්‍යක්ෂකරයා පවසා ඇත්තේ.

ආර්ථික අර්බුදයෙන් සහ දරිද්‍රතාවය පිටුදැකීමෙන් තිරසාර වර්ධනයක් සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව තුළ බැංකු අංශයේ පාලනය ශක්තිමත් කළ යුතුයි. 

එබැවින් මූල්‍ය අංශය ශක්තිමත් කිරීම උදෙසා මෙම ණය මුදල ලබා දෙන බවයි ආසියානු සංවර්ධන බැංකුව වැඩිදුරටත් පවසා ඇත්තේ.