Friday, November 22, 2024

General line - 0115112241

10වන පාර්ලිමේන්තුවේ සමාරම්භය ගැන නිවේදනයක්




දසවැනි පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සියලු මන්ත්‍රීවරුන්ට දැනුම්දීමක් කර තිබෙනවා. 

ඒ, පෙරවරු 09 පමණ වන විට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස දැනුම්දෙමින්. 

හෙට පෙරවරු 10ට දසවැනි පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම ආරම්භවීමට නියමිතයි. 

පාර්ලිමේන්තුව කරා පැමිණීමෙන් පසු මන්ත්‍රීවරුන්ගේ රථ පොලිස් නිලධාරීන් විසින් නියමිත රථගාලට යොමු කරනු ඇති. 

අනතුරුව මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ප්‍රවේශ ශාලාවට පැමිණ ගණපූර්ණ සීනුව නාද කරන තෙක් එහි රැදී සිටි යුතු බවත් මහලේකම්වරිය නිකුත් කළ නිවේදනයේ සඳහන්.