Friday, November 22, 2024

General line - 0115112241

අමරේගේ මරණ දඬුවම ඇපැල් උසාවිය තහවුරු කරයි




2012 ජූනි 15 වැනිදා හම්බන්තොට කටුවන හැඩිවත්ත ලියනගේ රංජිත්ගේ නිවසේ පැවැති ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකදී වෙඩිතබා දෙදෙනකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ගීගනගේ ගමගේ අමරසිරි නොහොත් ජුලම්පිටියේ අමරේ නමැත්තාට තංගල්ල මහාධිකරණය විසින් නියම කළ මරණ දඬුවම අභියාචනාධිකරණය විසින් තහවුරු කර තිබෙනවා.

2012 වසරේ කටුවනදී දෙදෙනකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ජුලම්පිටියේ අමරේට තංගල්ල මහාධිකරණය විසින් 2019 නොවැම්බර් 7 වැනිදා මරණ දඬුවම නියම කළේය.

මෙම වෙඩිතැබීමෙන් කටුවන, තල්වත්ත පදිංචි එදිරිමාන්නගේ මාලනී (50) සහ 18 හැවිරිදි J.P. නිමන්ත ග්‍රේෂන් මියගොස් ඇති අතර, 26 හැවිරිදි ප්‍රදීප් සාරංග බරපතළ තුවාල ලබා තිබුනා 

යූ.ආර්. ද සිල්වා, සාවිත්‍රි ප්‍රනාන්දු යන නීතිඥවරු විත්තිකරු වෙනුවෙන් පෙනීසිටිය අතර නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටියා.