Friday, November 22, 2024

General line - 0115112241

බදුල්ලේදී කමිසය ගැලවූ හරීන් අත්අඩංගුවට




මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අද අත්අඩංගුවට ගැණුනා. 

ඒ, බදුල්ල පොලීසිය විසින්. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසුවේ හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශයක් ලබාදීමට අද උදෑසන බදුල්ල පොලීසිය හමුවේ පෙනී සිටිමෙන් අනතුරුව එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි. 

අද පෙරවරුවේ බදුල්ල පොලීසියට යාමට පෙර හරීන් ප්‍රනාන්දු මහතා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. 


පසුගිය 10 වනදා බදුල්ල නගරයේදී මැතිවරණ ප්‍රචාරක වැඩසටහනක් අතරතුරදී පොලීසිය සමග ඇතිවූ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ඔහු මෙලෙස කැඳවා තිබුණා. 

මෙවර මහමැතිවරණය සඳහා බදුල්ල දිස්ත්‍රික්කයෙන් ඔහු තරඟ වැදුණේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන්. 

ඊට අදාළව හරීන් ප්‍රනාන්දු මහතා සහ ඔහුගේ ආධාරකරුවන් පිරිසක් අංක 10 මුද්‍රිත ටී ෂර්ට් පැලඳ පසුගිය 10 වනදා බදුල්ල නගරයේ පා ගමනින් යමින් සිටියදී පොලීසිය සමග උණුසුම් තත්ත්වයක් ඇති වුණා. 

මෙවර මහමැතිවරණයෙන් ඔහුට පාර්ලිමේන්තු වරම් හිමි කර ගැනීමට ද හැකි වූයේ නැහැ.