බදුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ඇප මත මුදා හැර තිබෙනවා.
ඒ, රුපියල් ලක්ෂ 05ක ශරීර ඇපයක් මතයි. මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසුවේ.
හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශයක් ලබාදීමට අද උදෑසන බදුල්ල පොලීසිය හමුවේ පෙනී සිටිමෙන් අනතුරුව එලෙස අත්අඩංගුවට ගෙන තිබුණා.