මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කළ කේ. එම්. මහින්ද සිරිවර්ධන මහතා අද සිය ධුරයේ යළි වැඩ භාර ගත්තා.
භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරු සහ මුදල් අමාත්‍යංශය යටතේ වන දෙපාර්තමේන්තුවල ප්‍රධානීන් ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම ලබාගැනීම සහ මෙරට ණය ප්‍රතිව්‍යුහගතරණ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා සුවිශේෂී දායකත්වයක් දැක්වූ මහින්ද සිරිවර්ධන මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය සහ භූතානය සඳහා විකල්ප විධායක අධ්‍යක්ෂ ලෙසද කටයුතු කර තිබෙනවා.