මැතිවරණ සමයේ කුමක් ප්‍රකාශ කළද වත්මන් ආණ්ඩුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කිරීමට සිදුව ඇතැයි හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
ඔහු සඳහන් කළේ බලය ලබා ගැනීම වෙනුවෙන් කළ ප්‍රකාශ ඉටු කිරීමේදී ආණ්ඩුවට දැඩි අභියෝගයක් එල්ල වනු ඇති බවයි.
ඉකුත් ආණ්ඩුව ක්‍රියාත්මක කළ ආර්ථික වැඩපිළිවෙළ එලෙසින්ම වත්මන් ආණ්ඩුවද ක්‍රියාත්මක කරමින් ඇතැයි ඔහු මෙහිදී සඳහන් කළා.
හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා මෙම අදහස් පළ කළේ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට ඊයේ රාත්‍රියේ එක්වෙමින්.