අම්පාර, කාර්තිව්හිදී ට්රැක්ටර් රථයක් සැඩ පහරකට හසුවීමෙන් අතුරුදන්ව සිටි පාසල් සිසුන් හයදෙනාගෙන් සිව්දෙනෙකුගේ මෘතදේහ සොයා ගෙන තිබෙනවා.
කෙසේවෙතත් අතුරුදන් වූ අනෙක් සිසුන් දෙදෙනා, ට්රැක්ටර් රථයේ රියදුරා හා සහායකයා සොයා තවදුරටත් මෙහෙයුම් ක්රියාත්මක බවයි පොලීසිය පැවසුවේ.
ඒ සඳහා නාවික හමුදාව, පොලීසිය සහ ප්රදේශවාසීන් එක්ව සිටිනවා.
අනතුර සිදුවන අවස්ථාවේ ළමුන් 11 දෙනෙකු ට්රැක්ටරයේ ගමන් කරමින් සිටියා.
එහි සිටි ළමුන් 05 දෙනෙකුගේ දිවි බේරා ගැනීමට හැකි වුණා.