මහමැතිවරණයෙන් තම පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර සඳහා සුදුසු පුද්ගලයින් පත් කිරීම ඉදිරි දින කිහිපයේ සිදු වනු ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසනවා.
නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් පැවති සාකච්ඡා අවසන් අදියරේ පවතින බවයි.
ඉකුත් මහමැතිවරණයෙන් සමගි ජන බලවේගයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 05ක් හිමිවූ අතර මේ දක්වා සම්පූර්ණ කර ඇත්තේ ඉන් එක් මන්ත්‍රී ධුරයක් පමණයි. එම මන්ත්‍රී ධුරයට නම් කෙරුණේ පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතායි.