Monday, December 23, 2024

General line - 0115112241

ඩිල්ෂාන්ගේ සමුගැනීමත් සමග ‘ටෙලි තිරයේ කුමරිය වූ මංජුලා’ දෙවන ගමන අරඹන ලකුණු



තිලකරත්න ඩිල්ෂාන්ගේ සමු ගැනීමත් සමග ඔහුගේ බිරිඳ මංජුලා තිලිණි යළිත් රඟපෑමට එක්වෙනවා ද යන ප්‍රශ්නය ඇතැමුන් අතර ඇතිව තිබෙනවා.

ඇයට මේ වන විටත් නිර්මාණ සඳහා ආරාධනා ලැබෙන බවයි පැවසෙන්නේ.

“ආරාධනා නම් ලැබුණු අවස්ථා තියෙනවා. ඒත් රඟපාන්න අවස්ථාවක් කරගන්න එකක් නැහැ. මොකද අපි ඉදිරියේදී අලුත් ව්‍යාපාරයක් කරන්නත් අදහසක් තියෙනවා. ඒ දේවල් එක්ක තවත් කාර්යබහුල වෙයි.”මංජුලා පවසන්නේ තමන්ගේ ඉදිරි ගමන ව්‍යාපාරය සමග ඉදිරියට යනු ඇති බවයි.

“මම රඟපෑ කාලේ හොඳ නිර්මාණවලට දායක වුණා. ඒ නිර්මාණ ගැන සමහර අය අදටත් කතා කරනවා. ඒ නිසා මට දැන් රඟපාන්න ලැබෙන්නේ නැහැ කියලා දුකක් නැහැ. විවිධ කලා නිර්මාණ විවෘත කිරීම් මුහුරත් උළෙලවල්වලට තවම ආරාධනා ලැබෙනවා. ඒවාටත් සම්බන්ධ වෙනවා. ඒ සතුටඇති. ගෙදර වැඩකටයුතු එක්ක ඇත්තටම මට රඟපාන්න කාලයක් හොයා ගන්න අමාරුයි. නිර්මාණ භාර අරගෙන හරි දායකත්වයක් ලබා දෙන්න බැරි නම් සම්බන්ධ නොවී ඉන්න එක ඒ නිර්මාණයට කරන සාධාරණයක් කියලා හිතනවා.”

“තනිකඩ ජීවිතේට වඩා ගෘහණියක් විදිහට කාර්යබහුලයි. මේ දවස්වල පාසල් නිවාඩු නිසා දරුවෝ ගෙදර ඉන්නේ. ඩිල්ෂාන්ටත් පුංචි විවේකයක් ලැබුණ නිසා දරුවෝ තුන්දෙනා එක්ක විනෝද වෙනවා.” මංජුලා තම දෙවන ගමන ලෙස අලුත් ව්‍යාපාරයක් ඇරඹීමේ අදහස ඇතිව පවසනවා.