ඉන්දියාවේ පවතින පරිසර දූෂණය හමුවේ දිල්ලි ජනතාව මහත් පීඩාවට ලක්ව තිබෙනවා.
පවතින අහිතකර තත්ත්වය හමුවේ පිරිසක් දිල්ලිය හැර යාමටත්, තවත් පිරිසක් එසේ යා නොහැකිව අසරණ තත්ත්වයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
තවද ශ්වසන ආබාධවලින් පෙළෙන දරුවන්ට අවශ්‍ය කරන ඖෂධ ලබාදීමට නොහැකිව පසුවන පිරිසක් ද ඒ අතර වනවා.
ගෙවුණු දශකය පුරාවට ම සෑම වසරක ම පාහේ ශීත ඍතුව එළඹෙන විට දිල්ලිය දුම් සහිත ස්වභාවයකින් පිරී යන අතර එම තත්ත්වය හේතුවෙන් දරුවන්ට සහ ප්‍රතිශක්තිකරණය අවම පිරිස් වෙත දැඩි තර්ජනයක් එල්ල වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ
ඉන්දියාව තුළ මෙවන් වටපිටාවක් නිර්මාණය වීමට අහිතකර කාලගුණික සහ දේශගුණික බලපෑම්, වාහන දුම්, හේන් ගිනි තැබීම් සහ ඉදිකිරීම් කටයුතු ඇතුළු සාධක රැසක් හේතුවන බවයි පරිසරවේදීන් පෙන්වා දෙන්නේ.
ඒ අනුව එරට බලධාරීන් පොදු ප්‍රවාහනය ද වැඩි කර ඇති අතර වගාවන් ගිනි තැබීමට එරෙහිව දැඩි පියවර ගෙන තිබෙනවා.