රජයේ මූලික අරමුණ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් දිරිමත් කිරීම බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.
ආනයනය සීමා කරමින් නිෂ්පාදනය වැඩි කිරීම තුළින් ආර්ථිකය ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බවයි කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ.