ශ්‍රී පාද වන්දනාව සඳහා දුම්රියෙන් පැමිණෙන පුද්ගලියන්ට අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කිරිම සදහා සූදානම්ව සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ශ්‍රී පාදය කරුණා කිරීමට මත්ද්‍රව්‍ය රැගෙන පැමිණෙන පිරිස් අත්අඩංගුවට ගැනිමේ මෙහෙයුමේ නිරතවන හැටන් පොලිසියේ නිලධාරින් විසින්.
හැටන් දුම්රිය ස්ථානය අසල සැකටයුතු ලෙස සැරිසරමින් සිටි සැකකරු සන්තකව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 ක් සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.
අත්අඩංගුවට ගත් සැකකරු හැටන් ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙක්.
සැකකරු හැටන් මහෙස්ත්රාටත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්රාත්වරයාගේ නියෝගයක් මත අදාල සැකකරු රඳවාගෙන විමර්ශන කටයුතු සිදුකරන බවයි හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් ජයසේන මහතා පැවසුවේ.