Monday, December 16, 2024

General line - 0115112241

ආනයනික සහල් ගැන සහතිකයක්




පෞද්ගලික අංශය ආනයනය කළ බහාලුම් තුනක තිබී පරිභෝජනයට නුසුදුසු සහල් හමුවුව ද වෙළඳපොළට නිකුත් කළ අනෙකුත් සහල්වල කිසිදු ගැටළුවක් නොමැති බවට ආහාර හා ඖෂධ පරීක්ෂක නිලධාරිවරුන් තහවුරු කළ බව රේගු දෙපාර්තමේන්තුව පවසනවා. 

එහි මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ වෙළඳපොළට නිකුත් කර ඇති සහල් කිසිදු බියකින් තොරව පරිභෝජනයට ගන්නා ලෙසයි.

ලබන 20 වනදාට පෙර සියලු ආනයනකරුවන් සහල් ආනයන කටයුතු සිදුකල යුතු බවත් ඉන් පසුව සහල් ආනයනය කටයුතු සිදු කිරීමට නොහැකි බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.