කථානායක ධූරය සඳහා විපක්ෂයෙන් ද නමක් යෝජනා වුවහොත් රහස් ඡන්දයකට යාමට සිදුවන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
එම ධූරය සඳහා විපක්ෂයෙන් නමක් යෝජනා කළද රහස් ඡන්ද විමසීමකදී ලැබෙන ප්‍රතිඵලය සම්බන්ධයෙන් ජනතාවට වැටහීමක් ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැසවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයක පිළිතුරු ලබාදෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම අදහස් පළ කළා.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡාවට ගැනුණු කරුණු සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා අදහස් පළ කළේ මෙලෙසයි.