Wednesday, December 18, 2024

General line - 0115112241

රේගුවට කොළේ වසා බඩු පන්නන ජාවාරම




මෙරටට ආනයනය කරන ආහාර ඇතුළු විවිධ භාණ්ඩ සහිත බහාලුම් පරික්‍ෂා කිරීම සඳහා නව වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන බව ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්, මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පවසනවා. 

ඔහු මෙම අදහස් පළ කළේ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට ඊයේ රාත්‍රියේ එක්වෙමින්. 

ඇතැම් භාණ්ඩ මෙරටට ආනයනය කිරීමේදී විවිධ වංචාවන් සංවිධානාත්මකව සිදු වෙමින් ඇති බවයි මෙහිදී අදහස් පළ කෙරුණා.

මේ අතර ඉන්දියාවෙන් ගෙන්වූ සහල් බහාලුම් තුනක් සම්බන්ධයෙන් තවදුරටත් පරික්‍ෂණ ක්‍රියාත්මක බවයි ඔහු කියා සිටියේ. 

සහල් බහාලුම් දෙකක කෘමීන් සිටීම හා  තවත් සහල් බහාලුමක කල් ඉකුත් වූ දිනය වෙනස් කර තිබීම ඊට හේතුවයි.